Monday, March 26, 2012

ඔබත් මෙවර O/L කරාද?

අද සාමාන්‍ය පෙළ ප්‍රතිඑල නිකුත් වුනා.. මම සාමාන්‍ය පෙළ කරලා වසර හතරක් ගතවුනා නේද කියලා මට එවිට හිතුනා.. ඊටත් වඩා මට මේ ගැන යමක ලියන්න හේතුවුණ දේ තමයි.. අපි විවිද කාල සිමා වලදී විවිද දේවල් දකින ආකාරය කොතරම් අපුරුද කියල මගේ හිතට ආපු හැගීම..

මම සාමාන්‍ය පෙළ ලියලා ප්‍රතිඑල ආපු දවසේ මට හිතුන දේවල් අද ප්‍රතිඑල ආපු නංගිලා මල්ලිලාටත් හිතෙනවා ඇති.. අපි අවුරුදු 16 - 17 කාලයේදී සාමාන්‍ය පෙළ දකින්නේ මේ ලෝකේ තියෙන ලොකුම විභාගේ හැටියට.. පාස් වුනේ නැත්තම් ඉවරයි.. අඩු රිසල්ට් එකක් ආවොත් ඊට වඩා ප්‍රශ්නේ.. මට යමක් ලියන්න ඕනේ අද ප්‍රතිඑල ඇවිල්ලා තමන් බලාපොරොත්තු වුන ප්‍රතිඑල ආපු නැති නංගිලා මල්ලිලාට සහ අද අහම්බෙන්හරි හම්බවෙලා " අහ මල්ලි ඔයා මේ පාර O/L කරා නේද කියල අහපුවාහම, මුණ හංගගෙන උත්තරයක්‌ දෙන්න බැරිව ඇබරිලා හිතපු තරම් රිසල්ට් නැහැ අයියේ කියන මල්ලිලා ගැන සමාජය දරන මතය ගැන යමක් කිමටයි.

අවුරුදු 11ක් පාසල් අධ්‍යාපනය ලබලා O/L වලටම කියලා අවුරුදු දෙකක් කැප කරලත් ළමයකුට O/L පාස් වෙන්න බැරිනම් වැඩක් නැහැ කියලා මතයක් තියෙනවා.. යම් දුරකට ඒක ඇත්ත.. නිදහස් අධ්‍යාපනයක් ලබලා විෂයන් 6ක් පාස් වෙන එක ලෙහෙසී කියලා හැමෝම කියනවා.. ඇත්තටම එක ළමයෙක් 9A ගන්නත් තව එකෙක් පාස් නොවෙන්නත් හේතුව කුමක්ද? ලබා උපන් හැටිද? නැතිනම් වාසනාවද? අද මම මගේ සාමාන්‍ය පෙළ ජිවිතය ගැන ආපහු හැරිලා බලද්දී මට හිතෙන දෙයක් තමයි.. මම ඉගන ගන්නේ මොකටද කියලා මම දැනගෙන හිටියේ නැහැ.. හැමෝම කිව්වේ හොඳ O/L result එකක් දාන්න.. හැමෝටම ඕනේ A විතරයි..
මට හිතුනා ඇත්තටම මම ඉගන ගත්තේ කිසිම ආසාවකින් නෙමෙයි කියලා.. රෑ නිදි මරාගෙන පාඩම් කරා නමුත් මේක පාඩම් කරලා මගේ ජීවිතේට මම කිසිම දෙයක් එකතුකරගෙන තිබුනේ නැහැ.. ඇත්තම වචනෙන් කිව්වොත් ගිරවෙක් වගේ කට පාඩම් කරා හැරුණු කොට කිසිම ප්‍රායෝගික බවක් තිබුනේ නැහැ.. ඒ මගේ මතකය.

දැන් කොහොම හරි 2011 සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම කටයුතු ඉවරයි.. ඔය ගොල්ලොගේ අදුරන සහෝදරයෙක් අඩු ප්‍රතිඑලක් ගත්තොත් ඔය ගොල්ලෝ මොකද කියන්නේ...

ෆේල් වුනොත්- ආපහු කරන්න කියයි. නැතිනම් A/L Arts කරන ගමන් නැවත විභාගේ කරන්න කියයි.

සාමාන්‍ය ප්‍රතිඑල
(A එකක් දෙකක්)- මොකද පුතේ වුනේ? තව ටිකක් මහන්සි වෙන්න එපැයි.. කියලා.. නොරිදෙන්න ළමයට ටොකු අනි

මේ අද දවසේ ඔබේම සහෝදරයට ඔබ දුන්න උපදෙස් වෙන්න ඇති නමුත්.. ලංකාවේ O/L පාස් වෙන්න 55%- 60% අතර ප්‍රමාණයක්.. ඉතින් කොහොම හරි කවුරුහරි ෆේල් වෙනවා..
මටනම් හිතෙන්නේ.. ළමයෙක් O/L ෆේල් වුනොත් ඒක ළමයාගේ ජිවිතේ අවසානය නම් නෙවෙයි.. කරන්නම් වලේ A/L කරලා තමන්ට නොපෙනෙන මිරිඟුවක් පස්සේ 20%කට අතුලුවීමට දුවලා ආපහු දවසක මේ වගේම හැරිලා බලද්දී තවත් අවුරුදු දෙකක් ජිවිතේ ගෙවල ලබාගෙන තියෙන කෙහෙල්මලක් නැතිනම්.. ඒක අපරාදයක්..

ඉතින් මේ පාර O/L කරපු නංගිලා මල්ලිලාගෙන් විශිෂ්ඨ ප්‍රතිඑල ගත් හැමෝටම මම සුභ පතනවා.. ඒ වගේම උසස් පෙළ විභාගෙටත් සාමාන්‍ය පෙල විභාගයෙන්ගත් පන්නරය රැගෙන ගොස් උසස් ලෙස පාස් වෙන්න සුභ පතනවා..

විභාගය හොඳින් සමත් නොවුන නංගිලා මල්ලිලා.. කවුරුත් කියන පලියට දේවල් කරන්න යන්න එපා.. තමන් කැමති රැකියාවක් ඉලක්ක කරලා දැන් ඉදන්ම ඉගන ගන්න.. මොකද A/L පාස් වුනා කියන එක රැකියා සුදුසු කමක් නම් නෙමෙයි.. තමන් කැමති පැත්තෙන් ඉගන ගන්න.. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුල දෙමාපියන් සහ ගුරුවරුන් පොලබවන්නේ හැමෝම දන්න රැකියා පහ හයකට පමණයි.. නමුත් අපි හැමෝම දන්නවා මිනිසා කියන සතාට වුවමනාවන් අසීමිතයි... ඉතින් මේ අසීමිත වුවමනාවන්වලට ප්‍රතිඋත්තර දෙන්න ඔබටත් පුලුවන්නම් ඔබේ ජීවිතය අන් හැමෝටම වඩා සාර්ථක වේවි.

Sunday, March 25, 2012

ජේසන් මොරෑස් (jason mraz) නොහොත් මගේ ප්‍රියතම ගායකයා

මට හිතුනා මගේ බ්ලොග් එක බලන සුළුතර මගේ යහළුවන් වෙනුවෙන් සිංහලෙන් කිසිවක් ලියවී නොමැති පුත්ගලයෙක් ගැන ලියන්න.. එයා ගැන සිංහලෙන් කිසිවක් ලියවී නොතිබුනත් ඉංග්‍රීසි සින්දු අහන බොහෝ දෙනක් නම් ඔහුව අනිවාර්යෙන්ම හදුනනවා.. මම ලියන්න යන්නේ ජේසන් ගැන.. ජේසන් මොරෑස් ගැන.. ඔබ ඔහු ගැන දැනන් හිටියේ නැත්තම් ඔබට මේ ලිපිය ඔබේ ජංගම දුරකතනයට හෝ I pod එකට නව සින්දු කිහිපයක් එක්කරන ලිපියක් බවට පත්වෙයි..

ඔහුගේ විස්තර වලට කලින් මේ කුඩා වීඩියෝව බලන්න ඇරයුම් කරනවා.. මෙය ඔහුගේ නවසිලන්ත සංචාරය ඇසුරෙන් නිමවුවක්...


ඔහු මොන වගේ කෙනෙක්ද කියලා දැන් පොඩි අදහසක් ඔබලාට ඇති. ඔහු හැමදෙයක්ම ගායනා කරන්නේ සජීවීව.
මුලින්ම ඔහු ගැන පොඩි හැදින්වීමක් කලොත් ජේසන් මොරෑස් 1977 ජුනි 23 වන දින ඇමරිකාවේදී උපත ලබා ඇත.ඔහු ප්‍රසිද්ද වන්නේ සින්දු ගායනට වගේම සින්දු රචනයටයි. ජේසන් තම පළමු සංගීත ඇල්බමය "Waiting for My Rocket to Come" ලෙස 2002වර්ෂයේදී එළිදක්වා ඇත..නමුත් එහි අඩංගු "The Remedy (I Won't Worry)" ගීතය මුළු ලෝකයේම අවදානයට පත් වුයේ ඔහුගේ දෙවෙනි ඇල්බමය "Mr. A-Z", 2005 වර්ෂයේදී නිකුත් වීමෙන් අනතුරුවය. මෙම ඇල්බමය Billboard 200 සංගීත දර්ශකයේ පස්වන ස්ථානයට පත්වූ අතර ඇමරිකාවෙහි පමණක් පිටපත් 100,000 අලෙවිවී ඇත.2008 වර්ෂයේදී ඔහු ඔහුගේ තෙවැනි සංගීත ඇල්බමය නිකුත් කල අතර එය We Sing. We Dance. We Steal Things ලෙස නම් කර තිබුණි. මෙය ඔහුගේ සාර්ථකම නිර්මාණය වන අතර Billboard 200 සංගීත දර්ශකයේ තෙවැනි ස්ථානය මෙන්ම ලෝකයේ බොහෝ සංගීත දර්ශකයන්හි ඉහල අගයක් ලබා ගැනීමට සමත් විය. ජේසන් ලොවපුරා ජනප්‍රිය වන්න We Dance. We Steal Things ඇල්බමයේ එන "I'm Yours" ගීතය හරහායි. එම ගීතය සති 76 තුල ඇමරිකාවේ ජනප්‍රියම ගීත 100 අතරට එක්වෙමින් වාර්තාවක් පිහිටුවිය.. එයට පෙර එය පිහිටුවා තිබුනේ සති 69 තබා LeAnn Rimes ගේ "How Do I Live" ගීතයයි."I'm Yours" ගීතය ඇමරිකාව තුල පමණක් මිලියන 5 අලෙවිවී ඇත.

මගේ හිත් ගත් ජේසන් ගේ ගීත කිහිපයක්...
I Won't Give Up (Lyric Video)

මෙම ගීතය ඔහුගේ නවතම ඇල්බමය වෙනුවෙන් නිර්මාණය වුවකි.. එය 2012 වර්ෂයේ එලි දැක්වීමට නියමිතය.. මෙම වීඩියෝව ලිරික්ස් වීඩියෝවක්‌ ලෙස හඳුන්වයි.. මෙහි අඩංගු වන්නේ ගීතයේ වචන පමණකි..

I'm Yours

මෙය ඔහුට වාසනාව ගෙනා ගීතයයි.. මෙම ගීතයේ නිල වීඩියෝවක් ඇතත්. මා මෙය පල කරන්නේ හේතුවක් ඇතුව..
මොකද ලෝකයේ ඉන්න හුඟ දෙනෙක් කැමති.. ඔහුගේ සජීවී ගායනයට.. බොහෝ අය කියන්නේ ඔහු තමයි ලෝකේ ඉන්න එකම ගායකයා පළමු පටිගතකිරීමට පසුව එයට වැඩා හොදින් සජීවීව ගායනා කරන කියලා.. මෙහි ඔහුත් සමඟ ඉන්න ඩ්‍රම්ස් වාදකයා නමින් 'ටෝකා' ඔහු ජෙසන්ගේ සෑම ගිතයමක හර්මනයිස් කිරීමෙන් දායක වෙනවා.ගීතය ආරම්භයට පෙර ඔහුගේ කෙටි අදහස් දැක්වීමක් තිබේ.


Life Is Wonderful

මෙම ගීතය ජිවිතයේ සුන්දරත්වය පිලිබඳ වුවක්.. ඔහු මෙය හඳුන්වන්නේ ඔහු අතින් ලියවුනු හොඳම නිර්මාණය ලෙසයි.

Lucky

මෙම ගීතය ඔහු ගායනා කරන්නේ ඇමරිකානු ජාතික කොබි කලෙයිට් සමඟ.. මෙයත් ඔහුගේ සුපිරිතම නිර්මාණයක්.. මෙය නිල වීඩියෝවයි.

Beautiful Mess

මෙම ගීතය ලියවී තිබෙන්නේ විසේකාර කෙල්ලේ ගැනයි.. නමුත් එයට යොදාගෙන ඇත්තේ ඉතාමත් සෞම්‍ය සංගීතයකි.. අහලම බලන්න..

Love for a Child

මෙම ගීතය ඇත්තට ලියවී ඇත්තේ ජෙසන්ගේ කුඩා කල ජීවිතය පිළිබඳවයි. ළමා අවදියේදීම දෙමා පියන් වෙන් වීම නිසා ඔහුට අහිමිවන ආදරය ගැන මින් කියවෙනවා..

ඔබ ජේසන් ගැන කලින් නොදැන සිටියානම් මේ වීඩියෝ සියල්ල නරබන්න නැතිව ඇති.. නමුත් ඔය නම මතක තියාගන්න.. මොකද ඔහු මීළඟ දශකයේ ජනප්‍රියම ගායකයා වනවා.. එය හොදින්ම පැහැදිලි..

ජේසන්ට ආදරය කරන අය වෙනුවෙන් ඔහුගේ සජීවී ගීත ප්‍රසංගයක Download Link එකක් මම දෙන්නම්.. ටොරන්ට් විදිහට Download කරන්න.. මේක චිකාගෝ වල 2009 වර්ෂයේ පවත්වපු ප්‍රසංගයක්..

එහෙනම් එච්චරයි මට ඔහු ගැන කියන්න තියෙන්නේ.. ඔහුගේ නවතම ඇල්බමය "
Love is a Four Letter Word" මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ නිකුත් වෙනවා.. එහි එන නව ගීත ගැනත් ලිපයක් ඉදිරියට ලියන්න හිතාගෙනයි ඉන්නේ...

ජෙසන්ගේ නිල වෙබ් ලිපිනය--http://jasonmraz.com
Face Book-- https://www.facebook.com/JasonMraz
twitter -- https://twitter.com/#!/jason_mraz
ජෙසන්ගේ වෙබ් පිටුවේ ශ්‍රී ලාංකිකයන්ගේ පිටුව --http://jasonmraz.com/groups/sri-lankan-fans/
Son, You Don't have a DAD but You do have a Country to Live...
My country.. My number one..
Photo courtesy of:Rivira News Paper

Followers