Showing posts with label ආරම්භය. Show all posts
Showing posts with label ආරම්භය. Show all posts

Friday, October 19, 2012

මොන්ගොලිනයානුවනී -- විශාරද නන්දා මාලිනි

මොන්ගොලිනයානුවනී කහ වන් ආසියාවේ 
පොකෙසියනුවනී සුදුවන් යුරෝ දේසේ.. 

මෙම ගීතය මිට පෙර අසා තිබෙනවාද.... මම මුලින්ම මේ ගීතය ඇහුවේ Nihal Gurusinghe ලියන "යතාර්තවාදියා" බ්ලොග් එකෙන්.. 
  
මොකක්හරි හේතුවක් හින්දා එම ගීතය මගේ හදවතට වැදුනා.. එය මම Youtube වල හෙව්වට මට හම්බවුනේ නැහැ අඩුම තරමේ ගුණාත්මක mp3 ගීතය ලැබුනෙත් පසු කලක.
මට  ඕනේ වුනා එදාම මෙයට Lyrics Video එකක් හදලා Youtube එකට දාන්න.. ඒවුනාට අදතමයි එක කරගන්න පුළුවන් වුනේ.. 

ගීතයේ වචන... 

මොන්ගොලිනයානුවනී කහ වන් ආසියාවේ 
කොකේසියනුවනී සුදුවන් යුරෝ දේසේ 
නිග්‍රෝ වරුනී කළුවන් අප්‍රිකාවේ 
උරය පලා සැතකින් බලා රුහිරු 
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු 


සිංහල ජනයිනි රුහුණු මායා පිහිටි රටේ 
දමිල ජනයිනි යාපා පටුනේ මඩකලපුවේ ත්‍රිරිකුණාමලේ 
මුස්ලිම් ජනයිනි බේරුවල හම්බන්තොට තිහාරියේ 
උරය පලා සැතකින් බලා රුහිරු 
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු 

බොදුනුවනි දන් පින්හි යෙදෙන පන්සලේ 
කිතුනුවනි යදින යාතිකා දෙව්මැදුරේ 
මුස්ලිමුනි කියන කුරානය පල්ලියේ 
උරය පලා සැතකින් බලන් රුහිරු 
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු 

බමුණනි වරෝ වෙල්ලාවට පූන නුලෙන් දියලනු බැඳගෙන 
රජකයිනි ගනිවු සිහසුන වේල්ල හැලියෙන් සෝදා අතපය 
සිහල ගිනි දන්ඩේ දමිල වෙඩි උණ්ඩේ
ගෝත්‍රවාදී ඉලක්ක වලකා සිහලුනේ යමවු යාපා පටුනට
දමිලයිනි වරෝ  රුහුණට 
උරය පලා සැතකින් බලන් රුහිරු 
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

මෙම ගීතයට විචාරයක් දෙන්න මම දන්නේ නැහැ එහෙම ඕනෙත් නැහැ..
නමුත්  යුද්දය තිබුණු කාලේ ලියවුන මෙම ගීතය කොතරම් එකලට ගැලපෙන්න ඇත්තද..


 

Friday, October 29, 2010

බ්ලොග් හා මම..

බ්ලොග් ගැන දැනගෙන දැන් ගොඩක් කල්. එත් මට කවදාවත් එහෙම එකක් දාගන්න බැරි වුනා. එත් මේ ඉයේ පාසලේ නියොජනයෙන් ...................... ගිය වෙලේ මට නැවත බොලොග් එකක් ලියන්න හිතුනා...
කොහොමත් මට මෙක පටන් ගන්න තිබුනෙ තව ටිකක් කලින්..
එත් කමක් නෑ
ඔන් එහෙනම් මටත් යමක් ලියන්න අවසරයි..
කාටවත් කියවන්න බලකරන්නෑ.....
කියෙව්වා කියලා අවුලකුත් නෑ...

Followers