Sunday, April 29, 2012

ඇන්ජලෝ මැතිව්ස් යනු කවුද?

ශ්‍රීලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියපුවාහම අපිට මතක් වෙන්නේ එක්කෝ graceful middle-order mestro කෙනෙක් හරි tubby fighter කෙනෙක්.. එසේත් නැතිනම් top-order slogger ඔය එකක්වත් නැතිනම් tricky spinner කෙනකේ,, 
                            එත් මොහු ඔය හැමෝටම වඩා වෙනස් ටෝනි ග්‍රෙග්ට අනුවනම් ඔහු  broad-shouldered. ඕනෑම විටක පන්දුවට පහරදී හෝ පන්දු යවා හෝ එසේත් නැතිනම් කෙසේ හෝ යන පන්දුවක් රැකගෙන ප්‍රතිවාදී ක්‍රීඩකයා දවා ගන්නා මද වේග පන්දු යවන තුන ඉරියව් ක්‍රීඩකයෙක්...

මේ Jarrod Kimber නැමති ඕස්ට්‍රේලියානු මාධ්‍ය වේදියා ඇන්ජලෝ මැතිව්ස් ගැන 02/10/2012 espncricinfo වෙබ් අඩවියේ තබා තිබු සටහනක්.. විදෙස් මාධ්‍ය ඔහුව මෙසේ වර්ණනා කරන්නත් ශ්‍රිලංකාවේ මාධ්‍ය ඔහුට එලව එලවා සැමවිටම පහර දෙන්නත් හේතුව කුමක්ද?  

මා ඇන්ජලෝ ගැන හොඳක් කවදාවත් ලංකාවේ පත්තරවල කියවා නැත.. ඔහුගේ එක අසාර්ථක වීමකදී  ඔහු සැමටම වැරදිකරු වෙයි.. නමුත් ඔහු විසින් ශ්‍රීලංකා කණ්ඩායම කොතරම අවස්ථාවල පරාජයෙන් ගලවා ඒවා ජයග්‍රහණයන් බවට පරිවර්තනය කර ඇත්දැයි සැමටම අමතකය...

ඇන්ජලෝ මැතිව්ස් ගැන මට මෙසේ ලියවිය යුතුයි සිතුනේ මේ ඉරිදා මා කියවූ 'රිවිර' සහ 'ලංකාදීප' පුවත්පත් වල ඔහු සම්බන්දව පළවී තිබු ලිපී මා සිත් වේදනාවට පත් කිරීමයි.. 

ලංකාදීපේ "කාංචන දසනායක" ඇන්ජලෝගේ ශරීරය නම් කර තිබුනේ 'නිතර ලෙඩ රෝග වැළදෙන' එකක් ලෙසය. ඔහුට එය පැවසුවේ කවුද යැයි මම නොදනිමි.. නමුත් මෙය ශ්‍රීලංකාවේ සෑම් වේගපන්දු යවන්නෙකුටම බෝවන රෝගයක් බව ඔහුට අමතක වී ගොසිනි.. ටෙස්ට් සෙල්ලන් කරන වේග පන්දු යවන සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, චානක වෙලගෙදර, තිසර පෙරේරා, මේ සෑම ක්‍රීඩකයකුටම මට හැඟෙන පරිදි ඇත්තේ  'නිතර ලෙඩ රෝග වැළදෙන' ශරීරයන්ය, මොකද මේ කිසිම ක්‍රීඩකයකු එක දිගට අබාදයන්ගෙන් තොරව කණ්ඩායමේ සිට නැත..

ක්‍රිකට් ක්‍රීඩකයකුගේ රැකියාව ක්‍රිකට් ක්‍රීඩා කිරීමයි.. ඔහුට මුදල් ලැබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාකිරීමෙන් මිස පිට්ටනියට වතුර ඇදීමෙන් නොවේ..  එසේනම් ක්‍රීඩකයන්ගේ ආර්ථික තත්වය ගැනත් සාධාරණව සලකා බැලිය යුතුය..

මේ පුවත් පත් ලිපි වලින් පෙනී යන්නේ මැතිව්ස් මුදලට පමණක් ක්‍රීඩා කරන්නෙකු බවයි නමුත් ඔහූ  ඔස්ට්‍රේලියාවේදී, තමා තම මව්බිම අවසාන පන්දුව තෙක් හෝ සටන් කර පරාජයෙන් ගලවා ගන්නා බව එක්වරක් නොව දෙවරක්ම සනාත කළේය.. එපමණක් නොව 2010 වසරේ පවතී T20 ලෝක කුසලාන ඉන්දියාව සමඟ පවතී තරඟයේදී අවසාන පන්දුව දක්වා තරඟය රැගෙන ගොස් එය ජයග්‍රහණය කිරීමට දායක වුයෙත් වෙන කවුරුත් නොව ඇන්ජලෝ මැතිව්ස්ය.. 

ඇන්ජලොට මෙසේ පහර දෙන්නේ ඔහූ ශ්‍රීලංකා කණ්ඩායමේ උප නායකයා නිසා දැයි මට වරක් සිතුනි.. ඔහූ කණ්ඩායමේ නායකයා වනවාට මෙරට පුවත්පත්වල කිසිම කැමැත්තක් නැත.. ඔහූගේ අතීත වාර්තා සැලකීමේදී මරදාන ශාන්ත ජෝසප් විදුහලේ නායකත්වයට පත්ව එතනින් නොනැවතී ශ්‍රීලංකා වයස අවුරුදු 19 කණ්ඩායමේ නායකයා බවට පත්වී ක්‍රමානුකුලව ශ්‍රීලංකා කණ්ඩායමේ උප නායක දක්වා ඔහූ පැමිණ ඇත.. ඔහූට කැපිලි කෙටිලි නැතිනම් ඔහූ මීළඟ ශ්‍රීලංකා කණ්ඩායමේ නායක බවට කිසිඳු තර්කයක් නැත.. මෙය නවත්වන්න ඔවුන්ට උවමනාදැයි මාහට සැකයක් ඇත..

ඔහුගේ නායකත්ව ලක්ෂණ මැනවින් පිටිය තුල සැමවිටම ප්‍රදර්ශනය වේ.. එංගලන්තයෙහි සුප්‍රසිද්ද ඕවල් ක්‍රීඩාංගනයේදී අනාගත ශ්‍රීලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරණ බලාපොරොත්තුව වන දිනේෂ් චන්දිමාල්ගේ ශතකය උදෙසා නායකයාගෙන් බැනුම් අසාගෙන ඊට ඉඩ දුන්න සැටි අපිට මතකය..  එය ඔහු හා තම සහෝනදර ක්‍රීඩකයන් සමග  ඇති බැඳීම මනාව කියා පායි..  

ලංකාදීප පුවත්පතේ කාංචන දසනායකට අන්ජලෝට හිමිවන අවස්ථා දෙකක් ගැන සඳහන් කර ඇත.. ඒ සංගා, මහේල, අරවින්ද , මුරලි වැනි ශ්‍රිලංකාවේන් බිහිවුන තරුවක් බවට පත්වීම හෝ ශ්‍රීලංකාවෙන් බිහිවුන ධනවත්ම ක්‍රීඩකයා බවට පත්වීමයි.. නමුත් මගේ මතයනම් ඔහූ දැනටමත් ශ්‍රිලාංකිය ප්‍රේක්ෂකයන්ගේ හදවත් වල  තරුවක් බවට පත් වී අවසානය ඔහුට ලංකාවෙන් බිහිවූ  ධනවත්ම ක්‍රීඩකයා නොව ලෝකයෙන්ම බිහිවූ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා වීමේ වරම ලැබේවා යන්න මගේ පැතුමයි... 


-ඔබටත්ඇන්ජලෝ මැතිව්ස්ගේ දස්කම් අමතකනම් පහත වීඩියෝ කිහිපයක් නරබා ඒවා නැවත මතක් කර ගන්න. ඔහූ සැබවින්ම දක්ෂයෙක්..
 
ඔස්ට්‍රේලියාවට එරෙහිව ජයගත් විස්වාසකල කල  නොහැකි පිති හරබය.
 
මෙවැනි පන්දු රැකීමක් වෙනත් ක්‍රීඩකයකුගෙන්  දැක තිබේද ?
 
ඔහුගේ පන්දු යැවීම..

Followers