Showing posts with label පාසල් ජීවිතය. Show all posts
Showing posts with label පාසල් ජීවිතය. Show all posts

Monday, March 26, 2012

ඔබත් මෙවර O/L කරාද?

අද සාමාන්‍ය පෙළ ප්‍රතිඑල නිකුත් වුනා.. මම සාමාන්‍ය පෙළ කරලා වසර හතරක් ගතවුනා නේද කියලා මට එවිට හිතුනා.. ඊටත් වඩා මට මේ ගැන යමක ලියන්න හේතුවුණ දේ තමයි.. අපි විවිද කාල සිමා වලදී විවිද දේවල් දකින ආකාරය කොතරම් අපුරුද කියල මගේ හිතට ආපු හැගීම..

මම සාමාන්‍ය පෙළ ලියලා ප්‍රතිඑල ආපු දවසේ මට හිතුන දේවල් අද ප්‍රතිඑල ආපු නංගිලා මල්ලිලාටත් හිතෙනවා ඇති.. අපි අවුරුදු 16 - 17 කාලයේදී සාමාන්‍ය පෙළ දකින්නේ මේ ලෝකේ තියෙන ලොකුම විභාගේ හැටියට.. පාස් වුනේ නැත්තම් ඉවරයි.. අඩු රිසල්ට් එකක් ආවොත් ඊට වඩා ප්‍රශ්නේ.. මට යමක් ලියන්න ඕනේ අද ප්‍රතිඑල ඇවිල්ලා තමන් බලාපොරොත්තු වුන ප්‍රතිඑල ආපු නැති නංගිලා මල්ලිලාට සහ අද අහම්බෙන්හරි හම්බවෙලා " අහ මල්ලි ඔයා මේ පාර O/L කරා නේද කියල අහපුවාහම, මුණ හංගගෙන උත්තරයක්‌ දෙන්න බැරිව ඇබරිලා හිතපු තරම් රිසල්ට් නැහැ අයියේ කියන මල්ලිලා ගැන සමාජය දරන මතය ගැන යමක් කිමටයි.

අවුරුදු 11ක් පාසල් අධ්‍යාපනය ලබලා O/L වලටම කියලා අවුරුදු දෙකක් කැප කරලත් ළමයකුට O/L පාස් වෙන්න බැරිනම් වැඩක් නැහැ කියලා මතයක් තියෙනවා.. යම් දුරකට ඒක ඇත්ත.. නිදහස් අධ්‍යාපනයක් ලබලා විෂයන් 6ක් පාස් වෙන එක ලෙහෙසී කියලා හැමෝම කියනවා.. ඇත්තටම එක ළමයෙක් 9A ගන්නත් තව එකෙක් පාස් නොවෙන්නත් හේතුව කුමක්ද? ලබා උපන් හැටිද? නැතිනම් වාසනාවද? අද මම මගේ සාමාන්‍ය පෙළ ජිවිතය ගැන ආපහු හැරිලා බලද්දී මට හිතෙන දෙයක් තමයි.. මම ඉගන ගන්නේ මොකටද කියලා මම දැනගෙන හිටියේ නැහැ.. හැමෝම කිව්වේ හොඳ O/L result එකක් දාන්න.. හැමෝටම ඕනේ A විතරයි..
මට හිතුනා ඇත්තටම මම ඉගන ගත්තේ කිසිම ආසාවකින් නෙමෙයි කියලා.. රෑ නිදි මරාගෙන පාඩම් කරා නමුත් මේක පාඩම් කරලා මගේ ජීවිතේට මම කිසිම දෙයක් එකතුකරගෙන තිබුනේ නැහැ.. ඇත්තම වචනෙන් කිව්වොත් ගිරවෙක් වගේ කට පාඩම් කරා හැරුණු කොට කිසිම ප්‍රායෝගික බවක් තිබුනේ නැහැ.. ඒ මගේ මතකය.

දැන් කොහොම හරි 2011 සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම කටයුතු ඉවරයි.. ඔය ගොල්ලොගේ අදුරන සහෝදරයෙක් අඩු ප්‍රතිඑලක් ගත්තොත් ඔය ගොල්ලෝ මොකද කියන්නේ...

ෆේල් වුනොත්- ආපහු කරන්න කියයි. නැතිනම් A/L Arts කරන ගමන් නැවත විභාගේ කරන්න කියයි.

සාමාන්‍ය ප්‍රතිඑල
(A එකක් දෙකක්)- මොකද පුතේ වුනේ? තව ටිකක් මහන්සි වෙන්න එපැයි.. කියලා.. නොරිදෙන්න ළමයට ටොකු අනි

මේ අද දවසේ ඔබේම සහෝදරයට ඔබ දුන්න උපදෙස් වෙන්න ඇති නමුත්.. ලංකාවේ O/L පාස් වෙන්න 55%- 60% අතර ප්‍රමාණයක්.. ඉතින් කොහොම හරි කවුරුහරි ෆේල් වෙනවා..
මටනම් හිතෙන්නේ.. ළමයෙක් O/L ෆේල් වුනොත් ඒක ළමයාගේ ජිවිතේ අවසානය නම් නෙවෙයි.. කරන්නම් වලේ A/L කරලා තමන්ට නොපෙනෙන මිරිඟුවක් පස්සේ 20%කට අතුලුවීමට දුවලා ආපහු දවසක මේ වගේම හැරිලා බලද්දී තවත් අවුරුදු දෙකක් ජිවිතේ ගෙවල ලබාගෙන තියෙන කෙහෙල්මලක් නැතිනම්.. ඒක අපරාදයක්..

ඉතින් මේ පාර O/L කරපු නංගිලා මල්ලිලාගෙන් විශිෂ්ඨ ප්‍රතිඑල ගත් හැමෝටම මම සුභ පතනවා.. ඒ වගේම උසස් පෙළ විභාගෙටත් සාමාන්‍ය පෙල විභාගයෙන්ගත් පන්නරය රැගෙන ගොස් උසස් ලෙස පාස් වෙන්න සුභ පතනවා..

විභාගය හොඳින් සමත් නොවුන නංගිලා මල්ලිලා.. කවුරුත් කියන පලියට දේවල් කරන්න යන්න එපා.. තමන් කැමති රැකියාවක් ඉලක්ක කරලා දැන් ඉදන්ම ඉගන ගන්න.. මොකද A/L පාස් වුනා කියන එක රැකියා සුදුසු කමක් නම් නෙමෙයි.. තමන් කැමති පැත්තෙන් ඉගන ගන්න.. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුල දෙමාපියන් සහ ගුරුවරුන් පොලබවන්නේ හැමෝම දන්න රැකියා පහ හයකට පමණයි.. නමුත් අපි හැමෝම දන්නවා මිනිසා කියන සතාට වුවමනාවන් අසීමිතයි... ඉතින් මේ අසීමිත වුවමනාවන්වලට ප්‍රතිඋත්තර දෙන්න ඔබටත් පුලුවන්නම් ඔබේ ජීවිතය අන් හැමෝටම වඩා සාර්ථක වේවි.

Friday, October 29, 2010

හෝටන් තැන්න











මම ඉගන ගත්තෙ ශාන්ත බෙනඩ්ක් විදුහලේ
මගේ පන්තිය 13F... අපි 2010 අගොස්තු මාසෙ 23 වෙනිදා ගියා පසල් විනොද චාරිකවක්... අපි ගෙයේ හොටන් තැන්නට..

ඔන්න ඉතින් අපෙ පන්ති භාර නැලිගම සර්ට අදහස දාලා බ්‍රොදර් ඩිරෙක්ටගෙනුත් අවසර අරගෙන අපේ පසල් බස් රියෙම අපි පිටත් වුනා....


අපිත් එක්ක ඉන්ද්‍රාන් ටිචයි. බ්‍රොදර් වර්නනුයි පන්ති භාර නැලිගම සරුයි තමයි ගෙයෙ..
අපි අගොස්තු නිවඩුවට..මතක විදිහට 23වන සදුදා ඔන්න ඉතින් අපි කතිකා කරගත් විදිහට 22 ඉරිදා ඉස්කොලෙට අවිල්ලා නයිටක් ගහල යන්නයි හිතන් හිටියෙ...
නයිටනම් මර ජොලි.. කෙසෙ හරි අපි ට්‍රිප් එක ගියා..
අපි උදේට කැවේ මෙන්න මෙතන...

මෙක අපෙම අදි සිසුවන් බ්‍රොදර්ලට හදපු තැනක්..
උදෙටත් කලා අපි ගමන පිටත්වුනා...යද්දිනම් අපිව පෙන්නෙ නැතිගානට මිදුම. පස්සෙ එක අඩුවු
නා..අපිත් එක්ක ආව අපේ ඉන්ද්‍රාන් ටිච හොටන් තැන්නෙ අවිද්දෙ නෑ...
අපිකොහම හරි පැය 4ක් විතර අවිදල ලෝකන්තයට පමිනුනා...
එතෙන්ට ගියාම කොල්ලොනම් කිව්වෙ මෙ මගුල බලන්න මෙච්චර ක‍ටු කපු අපි ගොන් හරක් කියලයි...














මේ තියෙන්නෙ පොට් එ
ක...
කොහොම කො
හොම අපි බෙකස් ඇල්ලත් බලලා.. දවල්ට හොද පරිප්පුවකුත් කලා අපෙ ගමනාන්තයට පමිනුනා....

මෙකනම් අපිට කවදාවත් අමතක නොවන ගමනක් වේවි...
එකනෙ මම බ්ලොග් එකකුත් ලිව්වෙ....
මෙ තියෙන්නෙ අපේ ගමනෙ පින්තුර



Followers