Face Book, ලෝකෙම ඉන්න අතිමහත් දෙමව්පියන්ගේ වේදනාව...මේ කතාව ඇමරිකාවේ අවාසනාවට සිදුවුණ ඇත්ත කතාවක් ගැන... මුලික වෙන්නේ ෆේස් බුක්..
කෙටියෙන්ම කියනවනම් කතාව පටන් ගන්නේ "පියෙක්" YouTube අඩවියට එකතුකරන වීඩියෝවක් සමඟ.. මේ තියෙන්නේ මේ සියලුම කතාවලට ආරම්භ වුණ වීඩියෝව...
මේ සියළුවම ගැටළු ආරම්භ වෙන්නේ ඇමරිකාවේ North Carolina ප්රාන්තයේ ජිවත්වන ටොමි ජෝර්දාන් "Tommy Jordan"නමැති පරිගණක ආශ්රිත රැකියාවක නියතු පියෙකු තම 15 හැවිරිදි දියණියගේ "හැනා" (Hanna) ලැප් ටොප් පරිගණකය වින්ඩෝස් 7 යොදා Upgrade කිරීමට යාමේදී අහම්බෙන් දකින ඇයගේ Face Book Wall එකේ ලියා තිබෙන දේවල් දැකීමෙනි..
ඇය එහි සඳහන් කර ඇත්තේ..තමාපාසල් ගොස් නිවසට පැමිණි පසු.. සෙවකයක්කු මෙන් නිවසේ වැඩ කරන බවයි..එම කරන දේවල් සඳහා පියාගෙන් තමාට වැටුපක් ලැබිය යුතු බවත් ඇය සඳහන් කර ඇත.
ශ්රී ලංකාවේ දෙමාපියන්නම් කිසි විටෙකත් මෙවැනි දෙයක් තම දරුවන් Face Book අඩවියේ පල කරුණු ඇති බවත් එය සොයා නොගන්නා බවත් මට විස්වාසය.. නමුත් ඇමරිකාවේ දෙමාපියන්ටත් ෆේස් බුක් ගිණුම් ඇත.. මෙම ගැහැණු ළමයා තම පියාගේ ෆේස් බුක් අඩවිය බ්ලොක් කරමින් මෙය Wall එකේ ලියා තිබුණි.. පියා කොතරම් මෙම සිදුවීමට උරණ වනවාද කියතොත් තම දුවගේ ලැප්ටොප් පරිගණකයට වෙඩි තබයි...
------------------------------------------------------------------------------------------------------------------
පසුව මෙම සිදුවීම ඔහු YouTube අඩවියට එකතුකරයි.. එයින් උරණ වන දියණිය ගෙදරින් පැන යයි.. මේ ඇය දක්වන අදහස්..
මේ වීඩියෝවේ ඇය අඩන්න ඔන්න මෙන්න සිට කතා කරයි,, හොඳම දේ වෙන්නේ මේ කෙල්ල පැනලා ගිහිල්ලා තියෙන්නේ එයා යාළුවෙලා හිටපු කෙල්ලත් එක්ක... හික්!!!
ඉන පසුව මේ පියාගේ වීඩියෝව නොසිතු ලෙස ඇති ජනප්රිය වෙනවා.. සැබවින්ම අද වනවිට මෙය ලෝකයේ 32,454,275 (මිලියන 32) ප්රේක්ෂක ප්රමාණයක් මෙය නරභා තියෙනවා.. සැබවින්ම එය ඇති විශාල අගයක්...
පසුව විවිද පුත්ගලයන් මේ වීඩියෝව සම්බන්දව කතා කරන්න පෙළබෙනවා..
මේ....
ලෝකප්රසිද්ද TheFineBros YouTube චැනලය තම "Teens React" වැඩසටහනක් මේ පිලිමන්දව කරයි..
මෙය තවත් ඇමරිකානු ළමුන් පිරිසක් දක්වන අදහස්.....
කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ.. මෙය ඇමරිකානු මාද්ය දක්වාම දුර දිග යනවා..
මේ "Today Show" වැඩසටහනට "Dr. Phil" දක්වන අදහස්...
මෙය දකින කතා නායක පියා නැවතත් මෙයට ප්රතිචාර දක්වා වීඩියෝ පටයක් නිකුත් කරනවා...එයනම් පල කරන්නේ නැහැ..
කෙසේවෙතත් මගේ අන්තිම නිගමනයනම් පියාගේ මේ ක්රියා කළාපයෙන් ඔහුට තම දියණිය අහිමි වෙනවා.. නමුත් අනිත් පසින් පියා මේ දියණියට පවසා ඇත්තේ ඉතාමත් සුළු දේවල් කිහිපයක් කිරීමට.. හරියට තමාගේම කාමරය සුද්දකිරිම.. තමාගේම නිදන ඇඳ සැකසීම වැනි කටයුතු..
බොහෝ ප්රේක්ෂකන් පවසා ඇත්තේ පියාගේ ක්රියා කළාපය නිවැරදි බවයි.. ලංකාවේ ඔබට මොනවා සිතෙයිද නම් මම දන්නේ නැහැ.....
සැ.යු- මෙයට සම්බන්ද කර තව බොහොමයක් වීඩියෝපට මේවනවිටත් නිකුත්වී ඇත.. නමුත් මා පළ කලේ ලෝකයේ අවදානය දිනාගත් කිහිපයක් පමණි...
මේ ලිපිය අද දවස වනවිට YouTube තුල අතිශයින් ජනප්රිය වුන වීඩියෝවන් ගැන.. ඔය ගොල්ලන්ටම ඕනේ නම් YouTube ශ්රේණිගත කිරීම් බලා ගන්න පුළුවන්.. එත් මේ තියෙන්නේ මගේ ඇසට දැකපු හොඳම ඒවා.. අහ අනිත් එක මේකේ තියෙන ඔක්කොම වගේ ADSL Home එකේ බලන් ඉන්නැතුවම බලාගන්න පුළුවන්.. වෙලාව කන්න ඕනේ නැහැ..
මගේ අංක 1--
මුහුණු පොතෙන් චැට් කරලා ඒක විවාහය දක්වා රැගෙන ගිය බොහෝදෙනෙක් ඉන්නවා.. ලංකාවෙත් ඉන්නවා මම අදුරන අයත් ඉන්නවා.. ඉතින් මේ අයට තම සහකරු සහකාරිය හොයා දුන්න අන්තර්ජාලයට පින් පතා මේ අය තම ජිවිතේ හැම දෙයක්ම අන්ත්ර්ජාලයටම මුදා හරිනවා.. එකනෙමේ කතාව.. මේ ගැන ඇමරිකාවේ ඉන්න ළමයින්ට හිතෙන්නේ මොනවද කියලයි මේකේ තියෙන්නේ..
KIDS REACT TO CTFxC
මේක අද වෙනකොට 466,907 බලලා තියෙනවා..
මේ ඉන්නේ ඔය විදිහට විවාහ වුන දෙන්න ගේ වීඩියෝ ඒක...
Internet Love Story: CTFxC Wedding (Charles & Alli)
මේක අද වෙනකොට
2,286,280 බලලා තියෙනවා..
මගේ අංක 2--
ලංකාවේ 3ඩි සිනමාහල් තියෙන්නේ එකයි.. M.C එකේ උඩම තට්ටුවේ තියෙන
සිනමා හල.. (තව තට්ටු තියනවද නම් දන්නේ නැහැ) 3ඩි සිනමාහල් ඕනේ වෙන්නේ 3ඩි
ෆිල්ම් බලන්න.. පරණ බලපු සුපිරි ෆිල්ම් එකක් 3ඩි වෙලා අලුත් වෙලා එනවා..
මේක තමයි අද වෙනකොට YouTube අංක එක.. එත් මගේ අංක දෙක.. මේතියෙන්නේ
අලුතෙන්ම එන Titanc ෆිල්ම් එකේ 3D ඒක..
Titanic SUPER 3D
මේක අද වෙනකොට 7,063,035 බලලා තියෙනවා..
මගේ අංක 3--
බේස් බෝල් සහ ක්රිකට් අතර සමානතා තියෙනවා නමුත් ක්රීඩා දෙකක්.. බේස් බෝල් අතදිග හැරලා ගහනවා නමුත් ක්රිකට් නම් වැදගත් වෙන්නේ ස්ථානගත කිරීම.. එකනේ අපේ මහේල අයියා ලෝක පුජිත වුනේ.. එත් බලන්නකෝ මේ බේස් බෝල් ගැහිල්ල .. අපේ මහේල අයියගේ ක්රිකට් ෂොට් මුන් කොපි කරලා.. ඒක දැකපු අනිත් පිලේ උන්ට මල පනිනවා.. ඒක නිසා තව සින් එකක්.. මොකද වෙන්නේ බලන්නකෝ...
මේක අද වෙනකොට 244,349 බලලා තියෙනවා..
මගේ අංක 4--
හඳේ ඉඳන් අපේ ගෙදරට දුර කියාද.. ඒ ඕනේ නැහැ කොලබ ඉදන් අපේ ගෙදරට... පයින් පැය 20යි බස් එකේ පැය 5යි. අහස්යාත්රාවේ විනාඩි 20යි.. ඔක්කොම ගණිතමය කෝණයෙන්.. බලලම ඉන්නකෝ..
මේක අද වෙනකොට 270,279 බලලා තියෙනවා..
මගේ අංක 5--
අනිතිමට දෙන්න හිතුවේ ලංකාවේ එකක් මම මේක ඊයේ දැක්කේ මුහුණු පොතේ අද වෙද්දී අපේ යු ට්යුබ් එකටත්දාලා.. මම පොඩි කාලේ හරි ආසයි Elephant House බිම බොන්න.. එත් ඊටත් වඩා ආසයි අවුරුදු කාලෙට ගිය මේ දැන්වීම බලන්න..ඒක හරිම සමීපයි මට.. ඊයේ ඉදන් අද වෙනකනුත් මම ඒක බොහෝ වාරයක් නැවත නැවත නරබුවා.. ඇත්තටම ලස්සනයි මේක Elephant House ඉතා පැරණි බාර්ලි බිම දැන්වීමක්.. මේකනම් අනිවා බලන්න...
මිහිරෙන්... මතකයේ රැඳේ Mihiren Mathakaye Rande
මේක අද වෙනකොට 21බලලා තියෙනවා..