දවසක් මම ගියා අනාථනිවාසෙකට එතන හිටියේ ගොඩක් මානසික වශයෙන් ආබාධිත ළමයි. මම ගියේ සවාරියක් නමුත් එක වරම මට ලොකු වේදනාවක් ආව. හරියට මාව බිදිලා ගියා වගේ. හරිම අමිහිරි වේදනාවක්. මම හිතින් අඩන්න ගත්තා.. ඒ වුනාට පිටතින් මම ගොඩක් භයවුනා. දවස් ගණනාවක් නිදා ගත්තේ නැහැ.. ටික දවසකට පස්සේ මට තේරුනා මටම කියලා විශේෂ දේවල් මේ ලෝකේ තියෙනවා කියලා... ඒ ගොලන්නට වඩා ගොඩක් දේවල් මට තියෙනවා ඉතින් මම දෙවියන් මට දීලා තිබෙන විශේෂ දේවල් ගැන හිතන්න ගත්තා.. දෙවියන් මට තවමත් මට සුවිශේෂවූ දේවල් බොහොමයක් දීලා තිබියදීත් මම තවත් දෙවල් ඉල්ලලා වද වෙනවා. මම දෙවියන්ට ස්තුතියි වන්ත වෙනවා මට ලැබිලා තියෙන දේවල් වලට නමුත් මට අවශ්‍යයි තව ස්වල්ප දේවල් කිහිපයක් අනිත් අය අතුරින් සමාජයේ "පොරක්" ලෙස පෙනී සිටින්න. වෙලාවකට මට හිතෙනවා මේ මගේ ඇත්ත ස්වරුපය නෙමෙයි කියලා. මිනිස්සු හිතනවා මම පිස්සෙක් කියලා මම මගේ සතුට හොයාගන්න විදිහ දැකලා.. ගොඩක් මිනිසුන් හීනෙන්වත් හිතන් නැහැ මම මගේ ජිවිතේ අත්දැකපු සහ සතුටෙන් ජීවත්වුණ ආකාරය. ඒවුනාට මට නොතේරෙන දෙයනම් කොතැන හෝ හිස් බවක් තිබෙනවා. ඒක පිරවෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. මට අවශ්‍ය සැම දෙයක්ම තුල වුවත්කොතැන හෝ හිස් බවක් තිබෙනවා.. ඒ ගැන මම දන්නේ නැහැ..
හොදයි, ඉස්සර මට ලැබුන දේවල් වලට මම ස්තුතියි වන්ත වුනේ නැහැ. එත් මම දැන් මට ලැබුණු සැම දෙයකටම ස්තුති වන්ත වෙනවා. ඒවුනාට මට තවමත් හිතෙනවා මට නැති එත් මම ඉල්ලපු දෙයක් තියෙනවා කියලා. ඒක හරියට මට අවශ්‍ය දේ මට දිය යුතුදේ ඔබ දීලා තිබෙනවා. ඒවාට මම ස්තුතියිවන්ත වෙනවා නමුත් මට අවශ්‍ය දෙය මට ලැබිලා නැහැ වගේ.. මට හිතෙනවා ඒ දෙය ඔබ ලඟ තබා ගෙන ඉන්නවා වගේ මොනයම් වූ හේතුවක් නිසා... මගේ යහළුවෙක් දවසක් මට මැසේජ් එකක් එව්වා. ඒක බෙහෙවින් අභිප්‍රේරණය වන අභියෝගශීලි එකක්. මම කැමති එය ඔබලා සමඟ බෙදා ගන්න.
"සමතලා මාර්ග කවදාවත් හොඳ රියදුරන්ව නිර්මාණය කරන්නේ නැහැ;
සෞම්‍ය සමුද්‍රයන් කිසිවිටෙකත් හොඳ නාවිකයන් නිර්මාණය කරන්නේ නැහැ;
ප්‍රසන්න ගුවන්තලය කිසිවිටෙකත් හොඳ ගුවන් නියමුවන් නිර්මාණය කරන්නේ නැහැ;
ප්‍රශ්න වලින් තොර ජීවිතය කිසිම දවසක ප්‍රබල පුත්ගලයකු නිර්මාණය කරන්නේ නැහැ.
ජිවිතයේ එල්ල වෙන භාදක භාරගන්න තරම් ප්‍රබල වෙන්න.
ජිවිතයෙන් අහන්න එපා "ඇයි මටම වෙන්නේ කියලා?''
ඒ වෙනුවට කියන්න ''මාවත් උත්සහ කරන්න කියලා''!!
ඉතින් කොයි වෙලාවේ හරි අපිට හැගෙනවානම් අපි දුර්වලයි කියලා, දෙවියන්ට ස්තුතියි කරන්න, මොකද ඔහු හිතනවා අපිට හැකියාව තියෙනවා කියලා නැවත ඒ වෙනුවෙන් සටන් කරන්න... අපි මේ ලෝකේ තියෙන ඕනෑම බාදකයක් ජයගන්න තරම් ශක්තිමත්.. නැතිනම් ඔහුට ඕනේ ඇති අපිව සවිමත් කරන්න. ඉතින් අපි දෙවියන්ට ස්තුති කරන්න ඕනේ අපිව ඒ භාදකය වෙනුවෙන් අපිවම තෝරාගත්තාට.. අපි අපේ සතුට වගේම දුකත් නිවැරදිව තේරුම ගද්දි අපිට තේරෙනවා අපිට හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ එතුමන්ගෙන් කියලා. හොඳ කාලේ වගේම නරක කාලෙත් අපිට දීල තියෙන්නේ එතුමාණෝමයි කියලා.. අපිට රඟ දක්වන්න භූමිකාවක් නැහැ.ඔහු දීලා තිබෙන දේ භාර ගැනීමයි අප කල යුත්තේ. අපිට එතුමාණෝ කුමක්හෝ දෙයක් ලබාදී තිබෙනවා අපි ඒ දේ වෙනුවෙන් ස්තුතියි වන්ත වියයුතුයි. සැම විටම අපිට ලැබෙන සෑම අවස්ථාවකින්ම ඍජුවම සතුට ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට අපේ ජීවිතවල භාදක වලට මුහුණ දීම තුලින් අප සවිමත් කිරීමට උන්වහන්සේ කටයුතු කරනවා. නමුත් එක දෙයක් හොඳින්ම පැහැදිලි එයනම් සෑම දෙයක් තුලින්ම එතුමාණෝ අප හට අලුත් දෙයක් උගන්වනවා.. ඒක හොඳට පැහැදිලි කරලා ලියලා තියෙනවා විලියම් ශේක්ෂ්පියර්,
''මිහිරි දේවල් යනු විපතේ භාවිතයන්ය
හරියට, මැඩියෙක් වගේ,කැත සහ විසකුරු
තවමත් වටිනා මැණිකක් හිසෙහි පළඳා සිටින…”
මාව විමතියට පත්කළ ලියුමක් ඇතුලතින් සිට සහ මාහට බලකළ සැම දෙයක්ම යථාර්ථයේ තැබීමට
තවමත් අපි අපිට නැතිදේ ගැන සිතමින් දුක් වෙනවාද?
ඔබේ ජීවිතය ගැන මඳක් නැවත හරී බලන්න.. ඔබට මේ අස්ථිර ලෝකයේ ලැබී ඇති සියල්ලට ස්තුතියි කරන්න...
අපි ගොඩක් වාසනාවන්තයි අප තෘප්තියට පත්වීමට අවශ්‍ය ප්‍රමාණයටවඩා බොහොමයක් වැඩියෙන් දැනටමත් අපිට ලැබී ඇත..

උඹ ලියනවා දකින්න ලැබීම සතුටක්. keep up good work! :)
ReplyDeleteබොහොම ස්තුති මචන්.. කාලෙකට පස්සේ යමක් ලියන්න හම්බවුනේ...
ReplyDeletesorrowful reality...
ReplyDeleteThanks Ranga.. Yup this is the freaking reality
ReplyDelete