Monday, August 20, 2012

නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය අපට අහිමි කලේ විදුලිය පමණද?

නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය

කරුණාකර තෙරුම් ගන්න්න. මේ කතාකරන්නේ හඬක් නැති අය වෙනුවෙන්. එතකොට කවුද මේ හඬක් නැති ඇත්තෝ. ඒතමයි සුළඟ, ජලය,පොලව, මම කතාකරන්නේ ඒ අය වෙනුවෙන්. මේ ගන්න තීන්දුව වැරදිනම් ලැබෙන්නේ වැරදි ප්‍රතිපල. එකෙන් මේ සුළඟ වැනසේවි.ජලය දුෂණය වේවි. පොලව නිසරු වේවි. එතකොට කවුද මේ පොලව ජලය සුළඟ පාවිච්චි කරන්නේ ජනතාව. සමස්ත ජනතාව මේ ඉදි කරන්නැ යන තාප බලා ගාරයේ විරෝදය ත්‍රිකුණාමලයෙන් පටන්ගෙන දකුණට ගිහින් ආපසු පුත්තලමට ඇවිත්. එතකොට මෙතැනදී ආපු ප්‍රශ්නේ තමයි ඇයි අනිත් තැන්වලදී මේක ප්‍රතික්ෂේප වුනේ. ඒකට දුන්න අපුරු උත්තරයක්‌. ඒ මේක මෙම ප්‍රදේශය ජන ශුන්‍ය ප්‍රදේශයක් වීම මෙතන ජනගහනයක් නැත. නමුත් ඒක බොරුවක් මෙතන ජනගහනයක් ඉන්නවා. එතකොට ඒ ඉන්න තැනක මේ වගේ කටයුත්තක් ජනතාව ගැන නොසලකා කරනවානම් ඒක අපිට මෙහෙම කියන්න පුළුවන්.
ජනතාව ගැන නොසලකන සංවර්ධනයක්. මෙන්න මේ හින්දයි අපි මේක ප්‍රත්ක්ෂේප කරන්නේ.

මේ  අද ඊයේ පල වූ ලිපියක් නම් නෙමෙයි, අදට වසර 20කටත් ඉහතදී (1994ට ඉහතදී) අතිඋතුම් ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් මාක්ස් රදගුරු තුමා ලිවූ ලිපියක පළමු ජේදයඅදට කෙතරම් ගැලපේදැයි මට සිතේ..

සංවර්දනය රටකට අතිශයින් අවශ්‍යවන මුත් ජනතාව ගැන නොසලකන සංවර්දනයකට වැඩි ආයුෂ නැති බව දැන් අපට පැහැදිලි වී ඇත.. දැන් අප විදුලිය නොමැතිව කල් ගෙවන්නේ අතීතයේදී පාලකයනේගේ වරදින්  සිදුවූ අතපසුවීම් වලින් බව කිසිවකු පිළිගන්නේ නැත.. 


මේ මනුෂ්‍යයන්ට මුලික අයිති වාසිකම් දෙකක් තියෙනවා. ඒතමයි වාතය සහ ජලය. කාටවත් බැහැ මේවා විනාශ කරන්න සංවර්දනයේ නාමයෙන්. මේ කතාවල් රජයකට විරුද්දව කරන කතා නෙමේයි. මේ ජනතාවගේ හඬ. පරිසරයේ හඬ. වාතයේ හඬ. සුළඟේ හඬ.
අපිට පුළුවන් නිවාස ප්‍රශ්න ඉඩම් ප්‍රශ්න විසදන්න නමුත් අපිට පුලුවන්ද සොබාදර්මයේ ප්‍රශ්න විසදන්න. ඒක ලොකු බලවේගයක් අපිට අතතියන්නවත් හිතාගන්නවත් බැරි තරම්. 
අනිත් වැදගත් කාරණය තමයි මේ ගල් අගුරු බලාගාරය පුජනිය ස්ථානවලට බලවත් හානියක්. මේ පුත්තලමේ තියන අම්මතොට්ටම කියන පුජනිය ස්ථානයට, තලවිල සාන්ත ආනා දෙව් මැදුරට, අනුරාදපුරේ ශ්‍රීමහා බෝධියට, මහමෙවුනා සමාධි පිළිමයට. ඒක වෙන්නේ මෙහෙමයි වාරකන් කාලෙට වැඩිපුරම දරුණු වෙන්නේ පුත්තලම් ප්‍රදේශයට වාරකන් සුළඟ හරි වේගවත්. මේ සුළඟ කෙලින්ම යන්නේ රජ රටට හැතැප්ම එකසිය විස්සක් විතර දුරට යනවා මේ ගල අඟුරු ඩස්ට් එක ශ්‍රී මහා බෝධීන් වහන්සේට වදුනාහම මොකද වෙන්නේ. උන් වහන්සේ අපවත් වෙන තැනට කටයුතු යෙදේවී. සමාධි බුදු පිළිමයට වැදුනාහමමොකද වෙන්නේ උන්වහන්සේගේ ශරීරය පුරා කළු තිත් ඒවි. මේකද සංවර්දනය මේවා හොඳ වැඩද? 

මේ උන් වහන්සේ අදට දශක කිහිපයකට ඉහතදී දැක්ක දේවල්.. අඩුම තරමින් පරිසර දුෂණය බාරිරතා බැහැර කරමුකෝ.. නමුත් අදවනවිට සියල්ල අකර්මන්‍ය වෙලා දුෂණය පමණක් ඉතුරු වෙමින් විදුලියත් නොමැති වෙලා.. 

එයත් එතුමන් එකල දැක තිබුනා..


මෙතන තාක්ෂනය වැරදි. තාක්ෂනය කරණය අය නෙවෙයි. දැන් මේ මැෂින් ගෙනාවා ගේන්නේ චීනෙන්. කලින් කිව්වා ජපානේන් කියලා හරි කමක් නැහැ චීනෙන් ගෙන්වන මැෂින් වල වගකීම මොකක්ද? තත්වෙන් ඉහල බවට මේ ලැබෙන මැෂින් මේ වගේ ශුෂ්ක, ලවන ප්‍රදේශ වලට සුදුසු ඒවාද? ඒවායේ ප්‍රමිතිය ඉහලද කවුද මේක නඩත්තු කරන්නේ චින්නුද නැතිනම් ලංකාවේ අයද නැතිනම් කොන්ත්‍රාත් බාරගත්ත අයද? ඒ අයට තියෙන සුදුසු කම මොනවාද? ලංකාවේ තාක්ෂණ ශිල්පින් පුහුනු කරනවාද  චීන සමාගම මේක නඩත්තු කරන්නේ දිගටමද? නැතිනම් එක්තරා කාලෙකටද ඒ කාලය කුමක්ද අමතරකොටස් මොනවද ඒවා තියෙනවද පටන්ගන්නකොටම අමතර කොටස් ගබඩා කරනවාද?

මේ  ප්‍රශ්න අපි ඇහුවා. නමුත් ඒකට උත්තර ලැබුනේ නැහැ. මේ තත්වයන් යටතේ එකක් පැහැදිලි මේක මේ දෙන තාක්ෂනය ක්‍රියාත්මක කරන්න කරන වැඩක් බව. ඒ ඇරෙන්න වෙන දෙයක් නැහැ. ඒ නිසා පවත්වාගෙන යන්න බැහැ. පවත්වාගෙන ගියත් වැඩක් නැහැ. මේක මෙහෙම යනකොට කැඩේවී. ඊළඟට ආයිත් හදාවි ආයිත් කැඩේවී අන්තිමට ගිනි ගනීවි.

මේබලාගාරයට සහයෝගය දක්වන විද්වතුන් කියන දෙයක් තමයි රට තුල ඉතා අඩු මිලට විදුලිය දෙන්නපුළුවන් කියන එක නමුත් ඒක කරන්නේ කොහොමද දුවන්නේ නැති බලාගාරයකින්..

චීනයෙන්  මෙයට දැරූ වියදම-- මුලු වියදම රුපියල් මිලියන 58,515කි.
වීන ආධාර (Exim Bank of China) – රුපියල් මිලියන 50,500
ශ්‍රී ලංකා රජය – රුපියල් මිලියන 1500 (නමුත් 2008 අත වැය මගින් එය රුපියල් මිලියන 8456 දක්වා ඉහළ දැමීය)

මෙතැනදී තව දෙයක් තියෙනවා චීනෙන් ගල් අගුරු ලාබෙට ලැබෙනවාලු නමුත් ඒක බොරුවක් ඇත්ත මේකයි.
මේ ගල් අගුරු බලාගාර දැන් ප්‍රතික්ෂේප වීගෙන යනවා ඒ හින්දා ඒවා ඉවත් කරනවා. විශේෂයෙන්ම චිනේ ගෙන්දගම් වැඩිපුර තියෙනවා ඒත් ඒවා කවුරුත් ගන්නේ නැහැ ඉතින් ඒවා ඉතුරුයි. දැන් ඒවා ඉවත් කරන්න ඕනේ. ඒ කියන්නේ විකුනන්න ඕනේ ඉතින් මේ හින්දා තමයි මේ කරුණාව. ගන්න අයට අඩුවෙන් දෙනවා ඒ මදිවට තව ණයත් දෙනවා යන්ත්‍ර සුත්රත් දෙනවා ඉදිකිරීම් පරිපාලනය කරලත් දෙනවා කාර්මිකයොත් පුහුණු කරලා දෙනවා..
ඉතින් ලංකාව අහු වෙනවා...

දැන් ඉතින් අපි ගැටයට කොහොමත් අසුවී අවසානය...

විදුලි බල අමාත්‍ය තුමන්ට අනුව මෙය ඉදිවූ තැනත් සහ කාලයත් වැරදිය...
නමුත් ඉදිකරේ එතුමන්ගේ ආණ්ඩුවයි!!! 


මුහුදේ පරිසරය විකුර්ති වෙනවා මත්ස්‍ය පරපුර විනාශ වෙනවා මේ පරිසර සමුද්‍ර ජීවි ආදීකාරියේ රියර් අද්මිරාල් සමරතුංග මහතා.. 

මා හට අවසානයේ සිතුනේ එක් දෙයක් පමණයි තවදුරටත් මෙවැනි  "ජනතාව ගැන නොසලකන සංවර්ධන'' කොතරම් ප්‍රමාණයක් අද දිනයේ සිදුකිරීමට ගිවිසුම් ගසනවා ඇත්ද?? කිසිදු ලාංකීය මාද්‍යයකට මේවා පෙන්නේ නැත.. අපි ප්‍රේක්ෂකයෝ සේ සැමවිටම අතීතය ගැන දුක්‌ වෙමින් ජීවිතය වෙනදා මෙන් ගෙවන්නෙමු..



P.S-- ඉහත දැක්වූ අතිඋතුම් ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් මාක්ස් රදගුරු තුමා ලිවූ ලිපිය 19 අගෝස්තු 2012 දින මවුබිම පුවත්පතේ 07 පිටුවේ පලවී ඇත..එයට පහත සබැඳියෙන් කියවිය් හැක..
(දිනය 2012- 08-19  වෙනස් කර 07 පිටුව)

  • පුවත්පත්  ලිපිය සොයා දුන් අරුණි ශපීරෝ‍ හට බෙහෙවින් ස්තුතියිවන්ත වෙමි.


6 comments:

  1. වැදගත් ලිපියක්...

    ඉස්තූතියි මල්ලි

    ReplyDelete
  2. ටිකක් අන්තවාදී කෝණයකින් තමයි බලලා තියෙන්නෙ...
    අපි ඇඟ රිදෙනවාට බලාගාර ගහන්නේ නෑ..පරිසර හානි වෙන් නැතුව අපිට මොකුත් කරන්න බෑ...මේ බලාගාරය හැදුන නිසා කොයි තරම් ප්‍රබල කාර්යයක් කරනවාද කියලා මේක අක්‍රිය වුනාම අපිට මූන දෙන්න සිද්ද වෙලා තියෙන පවර් කට් එකෙන්ම පේනවා....

    ReplyDelete
  3. @අමිල මෙතන සිදුව තිබෙන්නේ අත්හරින ලද තාක්ෂණයකින් වැරදි කලක වැරදි තැනක බලාගාරය ඉදි කිරීමයි.. රටේ සිදුවන සංවර්දනය මිනිසුන්ගේ යහපත සඳහා වියයුතුයි..

    පාටලී චම්පක ඇමති තුමාම පිළිගෙන තිබෙනවා මෙය සැදුනේ වැරදි කාලෙක වැරදි තැනක බවයි..

    ReplyDelete
  4. ඇත්තටම තිරසාර සංවර්ධනය තමයි විය යුත්තේ.රටක් සංවර්ධනය කරද්දි පරිසරය ගැන,අනාගත පරපුර ගැන මනාව හිතන්න ඕනි.එහෙම නැත්නම් ඒකෙන් වැඩක් නෑ.කොයි දේශපාලන පක්ෂයක් බලයට පත් වුවත් මම නම් දරන්නේ ඔය මතයම තමයි.මං නොරොච්චෝලේ විදුලි බලාගාරේ ගැන එච්චර දන්නේ නෑ.ඔය කියන කතා ඇත්ත නම් ඔය සංවර්ධනය සම්පූර්ණයෙන් වැරදියි

    ReplyDelete
  5. මෙහෙම යන්න පුළුවන් මව්බිම ලිපියට: http://www.mawbima.lk/ ගිහින් e-paper එකට යන්න. එතැන Date කියන තැන කැලැන්ඩරයේ අගෝස්තු 19 කෙටුවාම ලැබෙනවා පත්තරයේ 7 පිටුව බලන්නට අවස්ථාවක්. ඒ පිටුවේ ම "මේක ඉදිවුන තැනත් වැරදිය, කාලෙත් වැරදියි" කියා පාඨලි චම්පික ඇමතිවරයාගේ අදහසත් පළ වී තියෙනවා.

    අතිඋතුම් ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් මාක්ස් රදගුරු තුමා සමඟ මා එකඟ නොවෙන්නේ "මේ මනුෂ්‍යයන්ට මුලික අයිති වාසිකම් දෙකක් තියෙනවා. ඒතමයි වාතය සහ ජලය." යන කියමනට. මිනිසෙක් උත්තර/දක්ෂින ධ්‍රැවයට වී මට මේ අයිතීන් තියෙනවා ඒ නිසා මා වෙනුවෙන් ඒවා ලබාදිය යුතුයි යැයි උපවාසයක් කළහොත් ඒ මිනිසා බේරා ගන්නට ඒවා සැපයිය යුතු ද? යන්න ගැටළුවක් මතුවෙනවා. ඒවා මූලික අයිතිවාසිකම් නෙමෙයි. ඒත් එයින් කියැවෙන්නේ මිනිසුන් ජීවත් වන පරිසරයක ස්වභාවයෙන් තියෙන ඒවා දූෂණය කිරීමට තවත් අයට අයිතියක් තියෙනවා කියා ද නෙමෙයි.

    මෙතැන දී " ඒතමයි සුළඟ, ජලය,පොලව, මම කතාකරන්නේ ඒ අය වෙනුවෙන්," කතා කරනවා කියන්න හා එකඟයි. ඒ වෙනුවෙන් මිනිසා කතා කළ යුතුමයි.

    රටක සංවර්ධනය මිනිසාගේ යහපත වෙනුවෙන් මෙන් ම ස්වභාව ධර්මයේ ආරක්ෂාව වෙනුවෙන් ද අත්වැල් බැඳගත්තක් විය යුතුයි.

    ReplyDelete
  6. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ධමිමික ස‍‍දරුවන්....

    @arunishapiro බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.. ඔබේ අදහස මම පිලිගන්නවා..

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලම යමුකෝ...

Followers