Thursday, April 12, 2012

Face Book = වේදනාව (Facebook Parenting)

Face Book,  ලෝකෙම ඉන්න අතිමහත් දෙමව්පියන්ගේ වේදනාව...මේ කතාව ඇමරිකාවේ අවාසනාවට සිදුවුණ ඇත්ත කතාවක් ගැන... මුලික වෙන්නේ ෆේස් බුක්..

කෙටියෙන්ම  කියනවනම් කතාව පටන් ගන්නේ "පියෙක්" YouTube  අඩවියට එකතුකරන වීඩියෝවක් සමඟ..   මේ තියෙන්නේ මේ සියලුම කතාවලට ආරම්භ වුණ වීඩියෝව...


මේ සියළුවම ගැටළු ආරම්භ වෙන්නේ ඇමරිකාවේ North Carolina ප්‍රාන්තයේ ජිවත්වන ටොමි ජෝර්දාන් "Tommy Jordan"නමැති පරිගණක ආශ්‍රිත රැකියාවක නියතු  පියෙකු තම 15 හැවිරිදි දියණියගේ "හැනා" (Hanna) ලැප් ටොප් පරිගණකය වින්ඩෝස් 7 යොදා Upgrade කිරීමට යාමේදී අහම්බෙන් දකින ඇයගේ Face Book Wall එකේ ලියා තිබෙන දේවල් දැකීමෙනි..


ඇය එහි සඳහන් කර ඇත්තේ..තමාපාසල් ගොස් නිවසට පැමිණි පසු.. සෙවකයක්කු මෙන් නිවසේ වැඩ කරන බවයි..එම කරන දේවල් සඳහා පියාගෙන් තමාට වැටුපක් ලැබිය යුතු බවත් ඇය සඳහන් කර ඇත.


ශ්‍රී ලංකාවේ දෙමාපියන්නම් කිසි විටෙකත් මෙවැනි දෙයක් තම දරුවන් Face Book අඩවියේ පල කරුණු ඇති බවත් එය සොයා නොගන්නා බවත් මට විස්වාසය.. නමුත් ඇමරිකාවේ දෙමාපියන්ටත් ෆේස් බුක් ගිණුම් ඇත.. මෙම ගැහැණු ළමයා තම පියාගේ ෆේස් බුක් අඩවිය බ්ලොක් කරමින් මෙය  Wall එකේ ලියා තිබුණි.. පියා කොතරම් මෙම සිදුවීමට උරණ වනවාද කියතොත් තම දුවගේ ලැප්ටොප් පරිගණකයට වෙඩි තබයි...

------------------------------------------------------------------------------------------------------------------

පසුව  මෙම සිදුවීම ඔහු YouTube  අඩවියට එකතුකරයි.. එයින් උරණ වන දියණිය ගෙදරින් පැන යයි.. මේ ඇය දක්වන අදහස්..




මේ වීඩියෝවේ ඇය අඩන්න ඔන්න මෙන්න සිට කතා කරයි,, හොඳම දේ වෙන්නේ මේ කෙල්ල පැනලා ගිහිල්ලා තියෙන්නේ එයා යාළුවෙලා හිටපු කෙල්ලත් එක්ක... හික්!!!


ඉන පසුව මේ පියාගේ වීඩියෝව නොසිතු ලෙස ඇති ජනප්‍රිය වෙනවා.. සැබවින්ම අද වනවිට මෙය ලෝකයේ 32,454,275 (මිලියන 32)  ප්‍රේක්ෂක ප්‍රමාණයක් මෙය නරභා තියෙනවා..  සැබවින්ම එය ඇති විශාල අගයක්...


පසුව විවිද පුත්ගලයන් මේ වීඩියෝව සම්බන්දව කතා කරන්න පෙළබෙනවා.. 

මේ.... 
ලෝකප්‍රසිද්ද  YouTube චැනලය තම "Teens React" වැඩසටහනක් මේ පිලිමන්දව කරයි..

මෙය තවත් ඇමරිකානු ළමුන් පිරිසක් දක්වන අදහස්.....


කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ.. මෙය ඇමරිකානු මාද්‍ය දක්වාම දුර දිග යනවා.. 


මේ "Today Show" වැඩසටහනට "Dr. Phil" දක්වන අදහස්...


මෙය දකින කතා නායක පියා නැවතත් මෙයට ප්‍රතිචාර දක්වා වීඩියෝ පටයක් නිකුත් කරනවා...එයනම් පල කරන්නේ නැහැ..


කෙසේවෙතත් මගේ අන්තිම නිගමනයනම් පියාගේ මේ ක්‍රියා කළාපයෙන් ඔහුට තම දියණිය අහිමි වෙනවා.. නමුත් අනිත් පසින් පියා මේ දියණියට පවසා ඇත්තේ ඉතාමත් සුළු දේවල් කිහිපයක් කිරීමට.. හරියට තමාගේම කාමරය සුද්දකිරිම.. තමාගේම නිදන ඇඳ සැකසීම වැනි කටයුතු..


බොහෝ ප්‍රේක්ෂකන් පවසා ඇත්තේ පියාගේ ක්‍රියා කළාපය නිවැරදි බවයි.. ලංකාවේ ඔබට මොනවා සිතෙයිද නම් මම දන්නේ නැහැ.....


සැ.යු-  මෙයට සම්බන්ද කර තව බොහොමයක් වීඩියෝපට මේවනවිටත් නිකුත්වී ඇත.. නමුත් මා පළ කලේ ලෝකයේ අවදානය දිනාගත් කිහිපයක් පමණි...

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. දුවලා කියන්නේ කොහොමත් මහා හිතුවක්කාර ජාතියක්.අපේ රටේ 40%ක් විතර අහිංසක දුවලා ඉන්නවා තාමත්.ඉදිරියේදී මේ තත්වය වෙනස් වෙයිද දන්නේ නැහැ.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලම යමුකෝ...

Followers