Wednesday, April 11, 2012

අද දිනට You Tube ජනප්‍රියතාව මගේ ඇසින්..

මේ ලිපිය අද දවස වනවිට YouTube තුල අතිශයින් ජනප්‍රිය වුන වීඩියෝවන් ගැන.. ඔය ගොල්ලන්ටම ඕනේ නම් YouTube ශ්‍රේණිගත කිරීම් බලා ගන්න පුළුවන්.. එත් මේ තියෙන්නේ මගේ ඇසට දැකපු හොඳම ඒවා.. අහ අනිත් එක මේකේ තියෙන ඔක්කොම වගේ ADSL Home එකේ බලන් ඉන්නැතුවම බලාගන්න පුළුවන්.. වෙලාව කන්න ඕනේ නැහැ..


මගේ අංක 1--   
මුහුණු  පොතෙන් චැට් කරලා ඒක විවාහය දක්වා රැගෙන ගිය බොහෝදෙනෙක් ඉන්නවා.. ලංකාවෙත් ඉන්නවා මම අදුරන අයත් ඉන්නවා.. ඉතින් මේ අයට තම සහකරු සහකාරිය හොයා දුන්න අන්තර්ජාලයට පින් පතා මේ අය තම ජිවිතේ හැම දෙයක්ම අන්ත්ර්ජාලයටම මුදා හරිනවා.. එකනෙමේ කතාව.. මේ ගැන ඇමරිකාවේ ඉන්න ළමයින්ට හිතෙන්නේ මොනවද කියලයි මේකේ තියෙන්නේ..

KIDS REACT TO CTFxC   

මේක අද වෙනකොට 466,907  බලලා තියෙනවා..



මේ  ඉන්නේ ඔය විදිහට විවාහ වුන දෙන්න ගේ වීඩියෝ ඒක...
Internet Love Story: CTFxC Wedding (Charles & Alli)



මේක අද වෙනකොට 2,286,280 බලලා තියෙනවා..


මගේ අංක 2-- 
ලංකාවේ 3ඩි  සිනමාහල්  තියෙන්නේ එකයි.. M.C  එකේ උඩම තට්ටුවේ තියෙන සිනමා හල.. (තව තට්ටු තියනවද නම් දන්නේ නැහැ) 3ඩි  සිනමාහල් ඕනේ වෙන්නේ 3ඩි ෆිල්ම් බලන්න.. පරණ බලපු සුපිරි ෆිල්ම් එකක් 3ඩි වෙලා අලුත් වෙලා එනවා.. මේක තමයි අද වෙනකොට YouTube අංක එක.. එත් මගේ අංක දෙක.. මේතියෙන්නේ අලුතෙන්ම එන Titanc ෆිල්ම් එකේ 3D ඒක..


 Titanic SUPER 3D
මේක අද වෙනකොට 7,063,035 බලලා තියෙනවා..




මගේ අංක 3--  
බේස් බෝල් සහ ක්‍රිකට් අතර සමානතා තියෙනවා නමුත් ක්‍රීඩා දෙකක්.. බේස් බෝල් අතදිග හැරලා ගහනවා නමුත් ක්‍රිකට් නම් වැදගත් වෙන්නේ ස්ථානගත කිරීම.. එකනේ අපේ මහේල අයියා ලෝක පුජිත වුනේ.. එත් බලන්නකෝ මේ බේස් බෝල් ගැහිල්ල .. අපේ මහේල අයියගේ ක්‍රිකට් ෂොට් මුන් කොපි කරලා.. ඒක දැකපු අනිත් පිලේ උන්ට මල පනිනවා.. ඒක නිසා  තව සින් එකක්.. මොකද වෙන්නේ බලන්නකෝ...


මේක අද වෙනකොට 244,349 බලලා තියෙනවා..




මගේ අංක 4-- 
හඳේ ඉඳන් අපේ ගෙදරට දුර කියාද.. ඒ ඕනේ නැහැ කොලබ ඉදන් අපේ ගෙදරට... පයින් පැය 20යි බස් එකේ පැය 5යි. අහස්යාත්රාවේ විනාඩි 20යි.. ඔක්කොම ගණිතමය කෝණයෙන්.. බලලම ඉන්නකෝ..


මේක අද වෙනකොට 270,279 බලලා තියෙනවා..


මගේ අංක 5-- 
අනිතිමට දෙන්න හිතුවේ ලංකාවේ එකක් මම මේක ඊයේ දැක්කේ මුහුණු පොතේ අද වෙද්දී අපේ යු ට්යුබ් එකටත්දාලා.. මම පොඩි කාලේ හරි ආසයි  Elephant House බිම බොන්න.. එත් ඊටත් වඩා ආසයි අවුරුදු කාලෙට ගිය මේ දැන්වීම බලන්න..ඒක හරිම සමීපයි මට.. ඊයේ ඉදන් අද වෙනකනුත් මම ඒක බොහෝ වාරයක් නැවත නැවත නරබුවා.. ඇත්තටම ලස්සනයි මේක  Elephant House ඉතා පැරණි බාර්ලි බිම දැන්වීමක්.. මේකනම් අනිවා බලන්න... 


මිහිරෙන්... මතකයේ රැඳේ Mihiren Mathakaye Rande 
මේක අද වෙනකොට 21බලලා තියෙනවා..

2 comments:

  1. බොහොම ස්තුති "මඩිස්සලේ"... ඔබගේ සින්ඩියෙන් ලබාදෙන සහයෝගයටත් බොහොම ස්තුති..

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලම යමුකෝ...

Followers